Welcome to the official website of the Computation & Management Society

University of Peradeniya

Sri Lanka


Our Vision

Our Missions


  • Develop professional and leadership skills, emphasizing on respect for rights of others.


  • Promoting ethical standards and the dignity of all useful occupations .


  • It also creates opportunities for members to initiate community development projects.


  • Promoting peace and understanding within the community.






Blogs

කොරෝනාවේ ඇත්තේ අඳුරු පැතිකඩක් පමණක් ?

- By Imesha


කාසියක වුවද දෙපැතිකඩක් ඇති මෙන් සියල්ලෙහි හොඳ සහ නරක කියා දෙපැත්තක් අපට දැක ගත හැකිය. සියල්ලෝ මෙම වසංගතයේ අඳුරු පැතිකඩ පමණක් කතාබහට ලක් කරයි. නමුත් අද මේ වසංගතය සාමාන්‍ය තත්වයකට පත් වෙමින් පවති. එම නිසා දැන් අපට කොරෝනාවේ අඳුරු පැතිකඩ පිළිබඳ පමණක් කතාබහට කළ නොහැක. එම නිසා අප මේ කොරෝනා වසංගතයේ හොඳ පැතිකඩ පිළිබඳ අවධානය යොමු කරමු.

මෙම වසංගත තත්ත්වය දුප්පත් - පොහොසත්, උගත් - නූගත්, උස් - මිටි භේදයකින් තොරව වැළදෙන රෝගි තත්වයකි. එම නිසා අප සියල්ලන්ටම කාලයක් හුදෙකලා වීමට සිදුවේ. මෙම හුදෙකලා වීම තුළ ගැටළු රැසක් තිබුණ , එහි ඇති හොඳ පැතිකඩ පිළිබඳ ඔබ සිතුවාද? මෙම හුදෙකලා වීම තූළින් අපට අපගේ ජීවිතයේ සැබෑ සබඳතා ගොඩ නගා ගැනීමට උපකාරී විය. එනම් අප නිවස තුළට සිර වීමත් සමඟ අපගේ මව, පියා, සහෝදර සහෝදරියන් සමඟ වැඩි වශයෙන් කාලය ගත කිරීමට පටන් ගැනිණි. මේ තුළින් අප ජීවිතයට වඩා වැදගත් අන්තර් සබඳතා හොඳින් ගොඩ නගා ගැනීමට උපකාරී විය.


එමෙන්ම මෙම වසංගත තත්ත්වය හමුවේ අපට වටිනා සෞඛ්‍ය පුරුදු රැසක් හිමි විය. මුව ආවරණ පැළඳීම, සෑම විටම දෑත් පිරිසිදුව තබා ගැනීම ආදි විවිධ හොඳ සෞඛ්‍ය පුරුදු රැසක් පිළිපැදීම වර්ධනය විය. එය අද අපට කොරෝනා වසංගතයෙන් පමණක් නොව අනෙකුත් රෝගාබාධ වලින් ආරක්ෂා වීමට උපකාරයක් වී ඇත. එමෙන්ම එමඟින් නොයෙකුත් අහිතකර විෂබීජ වලින් මිනිසා ආරක්ෂා වී ඇත.

මෙම වසංගතයේ තවත් හොඳ ප්‍රතිඵලයක් ලෙස එම හුදෙකලා වීමත් සමඟ නවෝත්පාදන රැසක් බිහි විය. මෙම තත්ත්වය තුළ බොහෝ දෙනා එක් තැනකට කොටු වී තාක්ෂණය වෙත නැඹුරු විය. එමගින් නව නිර්මාණ සිදු කිරීම සදහා මිනිසා යොමු විය. නව මෘදුකාංග, නව වාහන සැලසුම්, නව යන්ත්‍ර සැලසුම් ආදිය මිනිසා විසින් මෙම කාලය තුළ නිර්මාණයට යොමු විය. එම නිසා මෙම කාලය මිනිසාට තම සීමාවෙන් ඔබ්බට ගොස් සිතීමට, නව සැලසුම් ගොඩ නැගීමට අවකාශයක් නිර්මාණය කර ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස අද දියුණු වන තාක්ෂණයත් සමඟ විවිධ වූ මෘදුකාංග නිර්මාණය වී ඇත.


එමෙන්ම අද වනවිට අධ්‍යාපන ක්ෂේත්‍රය මාර්ගගතකරණය වී ඇත. තුළින් පාසල් නඩත්තුවට වැය වන මුදල් රජයට ඉතිරි වී ඇති අතර දරුවන්ට පාසල් යෑමේදී වැය වන මුදල් ඉතිරි වී ඇත. මෙලෙස මෙම වසංගත තත්ත්වයේ විවිධ වූ හොඳ පැතිකඩක් දක්නට ලැබේ. මෙම කොවිඩ් උවදුරෙහි ඇති තවත් එක් යහපත් පැතිකඩක් නම් පරිසර විනාශය අවම වීමයි. එනම්, එදා මිනිසුන් ගත කරනු ලැබුවේ ඉතාම කාර්යබහුල දිවිපෙවෙතකි. මෙම කොවිඩ් උවදුර නිසා බොහොමයක් පිරිස් නිවස තුළට වීමත්, වාහන පාවිච්චිය අඩු වීමත් සිදුවිය. මෙමඟින් වාර්තා වූ වැදගත් කරුණක් නම් ඕසෝන් වියන සිදුරු වීම ඉතා කෙටි කාලයක් තුළ දී යතා තත්ත්වයට පත් වෙමින් පවතින බවයි. මන්ද, මිනිසුන් නිවස තුළට වීමත් සමග වාහන තදබදය, කර්මාන්ත ශාලාවලින් පිටවන අහිතකර වායූන් අවම වීම ආදිය සිදුවිය. එම නිසා අප සෑම දේවල්හි හොඳ සහ නරක යන දෙකම අධ්යයනය කර ඒවා සමඟ ජීවිත් වීමට හැඩ ගැසෙමු. එමඟින් ඔබට ජීවත් වීමේදී මුහුණ දීමට සිදු වන අසීරු අවස්ථා වලදී පවා එහි ඇති හොඳ පැතිකඩ ගැන සිතා සෑම විටම සතුටින් සිටීමට හැකි .